Home දේශීය පුවත් රැඳවියන් 1299කට මරණීය දණ්ඩනය

රැඳවියන් 1299කට මරණීය දණ්ඩනය

0
රැඳවියන් 1299කට මරණීය දණ්ඩනය

ස්ථිර වශයෙන්ම මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන් හා මරණීය දණ්ඩනයට ලක්ව අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන් 1299 දෙනෙකු මෙරට බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

මරණ දණ්ඩනය නියම වී සිටින රැඳවියන් අතර පිරිමි පුද්ගලයින් 1215 දෙනෙකු සහ කාන්තාවන් 84 දෙනෙකු සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම රැඳවියන් අතරින් රැඳවියන් 823 දෙනෙකු තමන්ට නියම කර ඇති මරණ දඩුවම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇත.

ස්ථීර වශයෙන්ම රැඳවියන් 476 දෙනෙකුට මරණිය දණ්ඩනය නියම කර ඇති අතර පිරිමි පුද්ගලයින් 426 දෙනෙකු ද කාන්තාවන් 50 දෙනෙකු ද ඒ අතර වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version