දේශප්‍රේමය කියන්නේ සංහිදියාවයි, සෑම ජනයාට ම ජාතියකට ආදරය කිරීමයි –  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

අද (30) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ විවාදයට එක්වු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, සැබෑ දේශප්‍රේමය කියන්නේ තුන් මුල්ලේ ගිහින් සටන් කරන එකද? දේශප්‍රේමය කියන්නේ සංහිදියාවයි. සෑම ජනයාට ම ජාතියකට ආදරය කිරීමයි.

අපි උගත් කියනවා. ජාතිය ගැන ආගම ගැන කතා කරලා වෙන් වෙනවා. කකුළෙන් අදින් නැති විපක්ෂ නායකයෙක් ඉන්නවා. රටක සහෝදරත්වය හැදෙන්නේ නැත්නම් රටක් හැදෙන්නේ නෑ.

බලය බෙදුවොත් බෙදුම්වාදය ශක්තිමත් වෙනවලු. මේක අමූලික බොරුවක්. දේශපාලන කුම්භාණ්ඩයෝ වගයක් ඉන්නවා. ව්‍යවස්ථාව ගෙනාවොත් සිංහලයෝ ඉවරයි කියනවා. මේවා කතා කරන අය ගැන හිරිකිතයි. අපි සාධරණව මේ කටයුත්ත ඉටු කරන්න හදන්නේ. මෙය මහජනතාවගේ යෝජනාවක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Exit mobile version