CCTV එකේ සටහන් වු සොරකම

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ නිවස ඉදිරිපට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් සොරාගෙන ඇති බවට ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

අද(11) අලුයම 2.05 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථය සොරා ගන්නා ආකාරය සි.සි.ටි.වි කැමරා දත්ත පද්ධතියේ සටහන් වි තිබුණි.

ගාල් කර තිබු ත්‍රීරෝද රථය මද දුරක් තල්ලු කරගෙන ගොස් පසුව ත්‍රිරෝද රථය පන ගන්වාගෙන රැගෙන ගොස් ඇති බවයි ත්‍රිරෝද රථයේ හිමිකරු කියා සිටියේ.

සොරකම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version