සංචාරයක් සඳහා ජනපති පිලිපීනයට

රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මස 15 දා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

පිලිපීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව අැති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් පිලිපීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.

ජනවාරි 15 සිට ජනවාරි 19 වන දින දක්වා ජනාධිපතිරවයා පිලිපීනයේ සංචාරයේ නියළෙන බවට වාර්තා වෙයි.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සහ රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

Exit mobile version