මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව සොයා ගනියි

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (14) උදෑසන මන්නාරම වෙරළ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගන්නා ලදී.

එහිදි, මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක්, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

මෙම මුහුදු කුඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රාවක් තුළ මලු 12 ක සඟවා තිබියදි සොයා ගෙන ඇත.

ඒ අනුව සොයා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Exit mobile version