Home දේශීය පුවත් පැහැදිලි දේශපාලනයක් පොහොට්ටුවට ඇති බව දිල්ශාන් කියයි

පැහැදිලි දේශපාලනයක් පොහොට්ටුවට ඇති බව දිල්ශාන් කියයි

0
පැහැදිලි දේශපාලනයක් පොහොට්ටුවට ඇති බව දිල්ශාන් කියයි

තරුණ ප්‍රජාව වෙනුවෙන් තම සේවය ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සම්බන්ධ වු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.

ඊයේ (14) කඩවත පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

එමෙන්ම රටේ දරුවන්ට රටක් ඉතිරි කිරීමේ අරමුණෙන් පැහැදිලි දේශපාලන නායකත්වයක් ඇත්තේ පොදු ජන පෙරමුණේ පමණක් නිසාවෙන් පොදු ජන පෙරමුණ සමඟ අත්වැල් බැඳගත් බව ඒ මහතා පැවසීය.

මේ අතර දේශපාලනය වෙත පිවිස ‍ඡන්දය ඉල්ලීම ගැන තවමත් තිරණය කර නොමැති බව ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version