Home දේශීය පුවත් හෙට සිට සුළං වැඩිවෙයි

හෙට සිට සුළං වැඩිවෙයි

0

දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගයේ වැඩිවීමක් හෙට(15) රාත‍්‍රියේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ද සුළගේ වේගය ඉහල යා හැකි බවයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක වලත් මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

උතුරු-මැද පළාතේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version