දේශපාලනය තුළ හැකියාවට මුල් තැන දිය යුතු බව පාඨලී කියයි

මෙරට දේශපාලනය තුළ හැකියාවට මුල් තැන දෙන තත්ත්වයක් නිර්මාණය කළ යුතුබව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ලේ ඊයේ (23) දින පැවති වැඩ සටහනකදීය.

දේශපාලනයේ තිබෙන වැදගත්ම පරිවර්තනය වන්නේ දේශපාලනයේ කුසලතාවාදය එනම් හැකියාවට මුල්තැන දෙන තත්ත්වයක් ඇති කිරීම බව අමාත්‍යවරයා පැවසීය.

එම හැකියාවට මුල්තැන දෙන තත්ත්වය රටේ ඇති කර ගත්තේ නම් රටේ දේශපාලනය අමුතුවෙන් ගමන් කිරීමක් සිදු නොවන බවත් එය ඉබේම ගොඩනැගෙන බවත් පැවසීය.

Exit mobile version