නාමල්ගෙන් රංජන්ට උපදෙසක්

අද වන විට එක්සත් ජාතික පක්ෂය දේශපාලනය හා පෞද්ගලික ජීවිතයයි පටලවාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (01) තංගල්ල කාර්ල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

රාජපක්ෂ පවුල නම් කෙතරම් පෞද්ගලික වශයෙන් අනෙක් අය මඩ ගැසුවත් පෞද්ගලික තරහක් නොමැති බවත්, ඇත්තේ දේශපාලනික විවේචන පමණක් වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසු අතර මෙහිදී මාධ්‍යවේදීන් විසින් අර්ජුන් ඇලෝෂියස් මහතා රාජපක්ෂ පවුලේ මංගල උත්සවයට සහභාගී වු බවට රංජන් රාමනායක මහතා පැවසීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.

එහිදී පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, “අපේ ගෙදර යන එන අය ගැන අහන්න එයා අපේ මාමා නෙමෙයි නේ“ යනුවෙනි.

මාමාගේ රස්සාව නොකර මහේන්ද්‍රන් මහතා සැඟව සිටින ස්ථානය සොයා ගතහොත් අධිකරණයේ ඇති නඩුව හෝ අවසන් කිරීමේ හැකියාව ඇතැයි නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අද වන විට රංජන් රාමනායක මහතා තමාගේ වෘත්තියෙන් මිදී මාමාණ්ඩිගේ රස්සාව කරන්න ගොස් ආණ්ඩුවට වී ඇති දේම සිදුව ඇතැයි  ද මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.

අර්ජුන් ඇලෝෂියස් මහතා රජයේ සාක්ෂිකරුවෙක් වෙයි යන බියෙන් රංජන් රාමනායක මහතා මෙවැනි අදහසක් පළ කරන්නට ඇතැයි ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Exit mobile version