කේරළ ගංජා තොගයක් සමඟ 2ක් දැලේ

වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා ‍කිලෝ 400ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද(08) අළුයම සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කේරළ ගංජා ‍තොගයේ වටිනාකම රුපියල් මිලියන 40 කට අධික බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කර තිබු වෑන් රථයද, පොලිස් භාරයට ගෙන ඇත.

Exit mobile version