කේරල ගංජා තොගයක් සමඟ අයෙක් මාට්ටු

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු යාපනය, පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 42කට අධික වටිනාකමින් යුතු මෙම කේරල ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 24 යි ග්‍රෑම් 585ක තොගයක් සොයාගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

Exit mobile version