කේරල ගංජා කිලෝ විස්සක් සමඟ 2ක් අත්අඩංගුවට

කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය, ඊච්චන්කාඩුව වෙරළ තීරයේ දී කේරල ගංජා කිලෝ 20යි ග්‍රෑම් 35 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අද(18) අළුයම 3 ට පමණ වෙරළ තීරයට බෝට්ටුවකින් ගෙනා මෙම ගංජා තොගය සැකකරුවන් දෙදෙනෙක් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 49 ක් වු කන්දකුලියකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා 53 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

සැකකරුවන් හෙට(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වැඩිදුර විමර්ශන කල්පිටිය පොලීසිය සිදු කරයි.

Exit mobile version