හමුදා නිලධාරියෙක් සියදිවි නසා ගනී

පල්ලෙකැලේ යුධ හමුදා කඳවුර තුළ දී සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන යුධ හමුදා නිලධාරියෙකු සියදිවි හානිකරගෙන තිබෙන බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි අයෙකි.

සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

මෘත ශරීරය මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version