වසරේ ගතවු කාලය තුළ කුඩු කිලෝ 732 ක් සොයා ගනී

2018 වසරේ මෙරටින් මත්කුඩු කිලෝ 732 ක් සොයා ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 40 998 කි.

මේ වසරේ ගත වු කාල සීමාව තුළ පමණක් මත්කුඩු කිලෝ 814 ක් මෙරටින් සොයා ගෙන තිබේ.

මෙරටින් හමුවූ විශාලතම මත්කුඩු තොගය පසුගිදා අත්අඩංගුවට ගැනුනේ කොල්ලූපිටිය ප‍්‍රදේශයෙන්.

එහිදී හෙරොයින් කිලෝ 294 යි ග‍්‍රෑම් 490 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගෙන තිබුණි.

Exit mobile version