ආවා කල්ලියෙන් තර්ජනාත්මක ලිපියක්

යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි සෙල්වරන්සන් නමැත්තෙකු‍ගේ නිවස වෙතට ආවා කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් ඊයේ (03) දින එවා ඇති බව යාපනය පොලීසිය කියා සිටියි.

අදාළ ලිපිය ආවා ප්ලස් ගෘෆ් නමින් හඳුන්වා ඇති අතර එහිදී පවසා ඇත්තේ නිවසේ ගෙට්ටුව අසල ඇති සි.සි.ටි.වි කැමරා වහාම ගලවා ඉවත් කළ යුතු බවත් එලෙස නොවන්නේනම් නිවස වසා දැමීමට මෙන්ම නිවසේ වාසය කිරීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරන බැවින් වහාම අදාළ කැමරා පද්ධතිය ගලවා ඉවත් කරන ලෙසටය.

ලිපිය ලැබුණු  පුද්ගලයාගේ නිවසේ පැවති සි.සි.ටි.වි කැමරා දර්ශන මගින් ආවා කල්ලියේ ක්‍රියාකාරකමක් පසුගිය දිනක අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි විම හේතුවෙන් එම කල්ලිය විසින් මෙසේ ලිපියක් එවා ඇති බවට පොලීසිය කියා සිටියි.

කෙසේ වෙතත් අදාළ ලිපිය එවූ පුද්ගලයින් පිළිබඳව මෙන්ම ලිපිය ලැබුණු පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

Exit mobile version