Home දේශීය පුවත් සංහිඳියා ක්‍රියාදාමයට අමෙරිකාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනවා

සංහිඳියා ක්‍රියාදාමයට අමෙරිකාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනවා

0
සංහිඳියා ක්‍රියාදාමයට අමෙරිකාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනවා

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය පුරාවට අමෙරිකාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව අමෙරිකාවේ රාජ්‍ය දේශපාලන කටයුතු දෙවන ලේකම් තෝමස් සහන්නෝන් මහතා ඊයේ (6) ප්‍රකාශ කළේය.

විදේශ අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් සමඟ ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශනයක් සිදුකරමින් තෝමස් සහනොන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික පදනම හෝ ආගමික වෙනස්කම් පදනමකින් තොරව වඩා යහපත් සමානාත්මතාවක් ඇති කිරීම සඳහා ගෙන ඇති තීරණය පිළිබඳ අගය කරන බවයි.

 

ශ්‍රී ලංකවේ කිරි කර්මාන්තය නඟාසිටුවීමට ඩොලර් මිලියන 21ක් ලබාදීමට මේ වන විටත් තීන්දු කර ඇති බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබෙන අමෙරිකානු ප්‍රතිපත්ති සහනදායි ඒවා බවත් ඉංග්‍රීසි අධ්‍යාපනය නඟා සිටුවීමටත් පියවර ගන්නා බවත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීම සඳහා ගෙන ඇති සංවර්ධනාත්මක පියවරයන් අගය කරන අතර අමෙරිකාවට ඉතා ඉක්මනින් සිදුවීම අවශ්‍ය බවද කීය. මුළු ලොවම ශ්‍රී ලංකාව දෙස බලාගෙන සිටින බවත් අපට එය ඉතා ඉක්මනින් සිදුවීමට අවශ්‍ය වුවත් එය ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා ඉක්මනින් වෙන කිසිවකුටත් අවශ්‍ය නොවන බව හෙතෙම ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවසුවේ තෝමස් මහතා සමඟ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හමුවී සාකච්ඡා කළා. එය නිල නොවන මට්ටමින් සාකච්ඡා පැවැත්වුවා. 2015 පසු රටවල් දෙක අතර තිබෙන සහයෝගතාව ශක්තිමත් වුණ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version