නව නාවික හමුදාපති යුද්ධ හමුදා මුලස්ථානය වෙත

22 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (6) යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි වයිස් අද්මිරාල් රණසිංහ වෙත හමුදා මුර ආචාරයක් පිළිගන්වන ලද අතර, ඉන් අනතුරුව ඔහුව පිළිගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමන ලද සම්මාන ආචාර පෙළපාලිය සඳහා පිඨිකාව වෙත කැඳවාගෙන යන ලදි.

හමුදා ලේකම් කාර්යාලයේ දී නාවික හමුදාපතිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් නව නාවික හමුදාපතිතුමාට හඳුන්වා දෙනු ලැබීය.

මෙම හමුවේ දී නාවික හමුදාධිපතිතුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා ද්වීපාර්ශීක වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර හමුව අවසානයේ දී සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිණි.

Exit mobile version