අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදය අද

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා අද (7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

විවාදය අරම්භ කරමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ,  ”විශේෂ දූෂණ වංචා අධිකරණයක් අවශ්‍යයි. එසේ කරන්නට විනිසුරන් අවශ්‍යයි. එසේ කරන්නයි මෙලෙස වැඩිපුර විනිසුරන් පත් කරන්නේ. අපරාධ නඩු විසදීම දිනපතා කරන්න අවශ්‍යයි. නඩු කල්දැමීමට ප්‍රායෝගික හේතු තිබෙනවා. මේ තත්ත්වය තුළ වාර්තාධිකාරී විනිසුරන් පත් කරන්න යෝජනා කර තිබෙනවා.”

”මේ රටේ  මහධිකරණ විනිසුරුවරු සියයට 45%ක වැඩි වීමක්. ඒ තුළින් බරපතල අපරාධ විසඳීමට අවස්ථාව ලැබෙනවා. අධිකරණ විනිසුරුවරු සංඛ්‍යාව 75 සිට 110 දක්වා වැඩි කිරීමට යෝජනා කරන” බව ද පැවසී ය.

Exit mobile version