Home දේශීය පුවත් දෙමෝදර – ඇල්ලන්ද රක්ෂිතයේ හදිසි ගින්නක්

දෙමෝදර – ඇල්ලන්ද රක්ෂිතයේ හදිසි ගින්නක්

0
දෙමෝදර – ඇල්ලන්ද රක්ෂිතයේ හදිසි ගින්නක්

ඇල්ල පොලිස් වසමට අයත් දෙමෝදර – ඇල්ලන්ද රක්ෂිතයේ  අද (11) අලූයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම රක්ෂීතයේ අක්කර පහක පමණ ප්‍රදේශයක් මුලුමනින්ම ගිනිගෙන විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

ඇල්ලන්ද රක්ෂිතයේ වෙසෙන වන සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු මෙම ගින්න තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

පැතිර ගිය ගින්න හේතුවෙන් එහි යටි වගාව ඇතුලු වටිනා ශාක රැසකට හානී සිදුව ඇත.

මේ දිනවල පවත්නා දැඩි නියඟයත් සමඟම ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය බවද ප්‍රදේශයේ ජනතාව පැවැසූහ.

ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ.අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version