සැකකටයුතු මළ සිරුරක් නවගමුවෙන් හමුවෙයි

වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් නවගමුව ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ රබර් වත්තක තිබී හමු වු බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයගේ අනන්‍යතාව තහවුරුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් නවගමුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ.

මළ සිරුර තිබු ස්ථානයේ තිබු ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරන සජීවි උණ්ඩ සහ හිස් පතොරම් කිහිපයක්ද හමු වී ඇත.

Exit mobile version