ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක්

නල්ලතන්නියේ සිට වැලිමඩ ඌවපරණගම දක්වා ධාවනය වු ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයක් මතට පෙරලිමෙන් අනතුරක් සිදු වී තිබේ.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත්කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

අද(16) උදැසන 6.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නල්ලතන්නිය හැටන් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් අයර්බි වත්ත ප්‍රදේශයේදිය.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ආපසු වැලිමඩ දක්වා ගමන් ගත් වන්දනාකරුවන් පිරිසකුයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක් වන අයර්බි ඇළ මාර්ගයට පෙරලි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

අනතුරින් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

Exit mobile version