රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ඊයේ(18) හදිසි ගින්නක් ඇතිව තිබේන බවට වාර්තා වෙයි.

‍ගින්න හට ගෙන ඇති බව ‍කටාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ‍වහාම ක්‍රියාත්මක වු පොලීසිය, මීගමුව ‍ගිනි නිවන ඒකක‍යේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් ගින්න මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් සේවකයින් දෙදෙනෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version