සෝභිත නාහිමියන්ගේ පිළිරුව සහිත ස්මාරකය සදහා මුල්ගල තබයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාදුළුවාවේ සෝභිත නාහිමි දෙවර්ෂ පූර්ණ ගුණසමරුව නිමිත්තෙන් පාර්ලිමේන්තුවට නුදුරින් ඉදිවන උන්වහන්සේගේ පිළිරුව සහිත ස්මාරකය සදහා මුල්ගල තැබීම පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා විපක්ෂ නායක ආර්.සම්බන්දන්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරු එක්ව සිටියහ.

Exit mobile version