මහින්ද නැවතත් තාජුඩීන් ගොඩගෙන ඇති බව රන්ජන් කියයි

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නැවත වරක් වසීම් තාජුඩීන් ගොඩගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වසීම් තාජුඩීන් මරණය අනතුරක් බවත් ඒ වන විට ඔහු පැයට කිලෝමීටර් 175ක වේගයෙන් ගමන් කරමින් තිබූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Exit mobile version