ගෞතම් ගාම්භීර් දේශපාලනයට එක්වෙයි

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් දේශපාලනයට නිල වශයෙන් එක්ව තිබෙන බවට වාර්තා වෙයි.

ඒ අනුව ඔහු ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධවීම නිල වශයෙන් සිදුව තිබේ.

භාරතීය ජනතා පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් ගෙන් ඔහු එම පක්ෂයට එක්විය.

මෙහිදි අදහස් දැක්වූ ගාම්භීර් සඳහන් කළේ තමන් ක්‍රිකට් ක්‍රීඩාවට යමක් කළ බවත් දැන් රට වෙනුවෙන් යමක් කිරීමට අවස්ථාව ලැබී ඇති බවත්ය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඉන්දීය ලෝක් සභා මැතිවරණයේදී ඔහු දිල්ලි ආසනය නියෝජනය කරමින් තරඟ කිරීමට නියමිතව තිබේ.

Exit mobile version