අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත් කර තිබේ.

ඒ මහතා අද(28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේ ය.

අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකු වන නිහාල් රණසිංහ මහතා මීට පෙර ආගමන, විගමන පාලක ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

Exit mobile version