නීති විරෝධීව මෙරටට ගෙන ආ අයිස් සමඟ අයෙක් මාට්ටු

අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(30) අලුයම කටුනායක ගුවන් තොටුපළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 45 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාමක්කාල් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බවටයි වාර්තා වන්නේ.

ඔහු විසින් ගෙනැවිත් තිබූ මංගල සාරි තොගයක් අතර ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන තිබූ මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගනු ලැබු අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20ක් වෙයි.

Exit mobile version