මත්පෙති තොගයක් සමඟ අයෙක් දැලේ

පුත්තලම, තිල්අත්තඩිය ප්‍රදේශයේ දී ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී මත්පෙති 6600ක ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.

මෙම සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකු වන බවයි පොලීසිය පැවසුවේ.

ඔහු අද(30) පුත්තලම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version