වඳහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව ලබන මස මෙරටට

වඳහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අප්‍රේල් මස 02 වනදා සිට 12 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ සිව් දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් මෙම සංචාරයට එක්වන අතර ඔවුන් මෝල්ඩෝවා, මුරුසිය, සයිප්‍රස් සහ පිලිපීනය යට රටවල්වලට අයත් බවයි.

පෙබරවාරි මස 18 වන දින සිට 22 දක්වා පැවති රහස් සැසි වාරයකදී වද හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට තීරණය කර තිබුණි.

Exit mobile version