මාතලේ ගින්නක්

මාතලේ පොලිස් වසමේ පන්සල තැන්න කන්දේ හදිසි ගින්නක් ඊයේ(31) දින හට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මාතලේ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය, මාතලේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, උකුවෙල යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගුවන් හමුදා හෙලිකොප්ටර් රථ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවු අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වැඩිදුර විමර්ශන මාතලේ පොලීසිය විසින් පවත්වයි.

Exit mobile version