Home දේශීය පුවත් ගොවියන්ට අමුඩේ ගහන්නවත් සල්ලි නැති බව රෝහිත කියයි

ගොවියන්ට අමුඩේ ගහන්නවත් සල්ලි නැති බව රෝහිත කියයි

0
ගොවියන්ට අමුඩේ ගහන්නවත් සල්ලි නැති බව රෝහිත කියයි

2014 දින සියයේ බොරුවට හා සමාන බොරුවක් මේ දිනවල ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර කුණ්ඩසාල දෙකන්දුරුව ගම්මානයේ පැවති ඊයේ(31) පැවති  වැඩසටහනක් අමතමින්.

මෙවර ඉදිරිපත් කළ අයවැය වැනි සුන්දර අයවැයක් ලෝකයේ කොහේවත් නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, 2014 දින සීයට සමාන බොරුවක් මෙම අයවැය තුළ ඇති බව ද පැවසීය.

වාමාංශික කඳවුර එකට එක්වනවා නම් තමන් කැමති බවත්, නමුත් එය සිදුවිය යුත්තේ සැබෑ වාමාංශිකයන් සමඟ බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා, නමුත් ජනාධිපති අපෙක්ෂකයා නියත වශයෙන්ම පොහොට්ටුවෙන් ඉදිරිපත් විය යුතු බව ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ, මෛත්‍රීපාල සිරිසේන මහතා සඟ,වෙද,ගුරු,ගොවි, කම්කරු යන පංච කේෂ්ත්‍රය රකිනවා විනා අද වන විට සියල්ල පාගා දමා ඇති බව ද සඳහන් කළේය.

අද වන විට ගොවියාට අමුඩය ගැසීමට හෝ මුදල් නොමැති බව ද මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළුව හිමිවරු 67 නමක් සිර ගත කර ඇති බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version