රැප් ගායක නිප්සෙ හස්ල් ජීවිතක්ෂයට

අමෙරිකානු රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. එහිදි තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version