රංගන ශිල්පී රයන් වැලිගම පොලීසියට

මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු ඊයේ(04) දිවයිනට පැමිණියේය.

කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔහුට එරෙහිව ඇති ගංජා ළඟ තබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාලව ප්‍රශ්න කිරීම සඳහා ඔහු වැලිගම පොලීසියට භාරදී ඇති බවයි.

අද(05) අළුයම රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසිය වෙත භාරදී ඇත.

Exit mobile version