ආණ්ඩුව පොලිස් රාජ්‍යයක් බව වාසු කියයි

ආණ්ඩුව පොලිස් රාජ්‍යයක් ලෙස ආයෝජකයිට කැඳවීම් කිරීමට සූදානම් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒ හේතුවෙන් ආණ්ඩුවට එරෙහි සියලු උද්ඝෝෂණ නීත්‍යානුකූලව මර්දනය කිරීමේ පියවරක් ලෙස යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුව රාජ්‍ය ත්‍රස්ථවාදය ක්‍රියාත්මක කිරීමේ සුදානම සිටින බවද පැවසු වාසුදේව මහතා, ඉදිරියේ දී පොලිස් රාජ්‍යයක් ලෙස මේ රට ආර්ථික වශයෙන් ආයෝජකයින් ගෙන්වීමට බව ද සඳහන් කළේය.

කම්කරු නීතින් ලිහිල් වැඩි බැවින් ආයෝජකයින් නොඑන බව මොවුන් සිතන බව ද පැවසු වාසුදේව මහතා, ආණ්ඩු විරෝධී ඕනෑම උද්ඝෝෂණයක් ත්‍රස්ථ විරෝධී උද්ඝෝෂණයක් බවට නම් කර මර්දනය කිරීමේ නීතියානූකූල බලය ලබා ගැනීමට මොවුන් ප්‍රතිත්‍රස්ථ පනත ගෙන ඒමට නියමිත බව ද සඳහන් කළේය.

ආණ්ඩුවට එවැනි මර්දනයක් නොකර බැරි තත්ත්වයට අද වන විට පත්ව ඇති බව ද පැවසු මන්ත්‍රීවරයා ඉදිරියේ දී කිසිදු මැතිවරණයක් නොතැබීමේ අවශ්‍යතාවය මත මෙවැනි දේ කරන බව ද පැවසීය.

Exit mobile version