පළාත් සභා මැතිවරණ සීමා නීර්ණ වාර්තාව වහාම ජනපති අතට

පළාත් සභා මැතිවරණ සීමා නීර්ණ වාර්තාව වහාම ජනාධිපතිවරයා වෙත භාරදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණ නොපැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා මැතිවරණ කොමිසමට කිරීමට දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍යව ඇත්තේ සිය ජනාධිපති ධුර කාලය දීර්ඝ කර ගැනීම නොව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන  පාර්ලිමේන්තු ක්‍රියාදාමය ප්‍රමාද වී ඇති  බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version