පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍රය අද

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අද(13) සිදුකෙරේ.

නුග පත් යුෂ මිශ්‍ර නානු ගා, ස්නානය කොට ඉෂ්ට දේවතාවන් අනුස්මරණය කිරීම යෝග්‍ය බවයි ජෝතිෂ්‍යයේ සඳහන් වන්නේ.

සිංහල හා දෙමල අලුත් අවුරුදු උදාව හෙට(14)  අපර භාග 2.09ට උදා වේ.

පුණ්‍ය කාලය හෙට දින පුර්ව භාග 7.45 සිට හෙට දින අපර භාග 8.33 දක්වා වන බැවින් හෙට දින පූර්ව භාග 7.45ට පෙර ආහාර පාන ගෙන, සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල නිරත වීම සුදුසු බව නැකැත් චාරිත්‍ර වල සඳහන් වෙයි.

Exit mobile version