ජනපති ඉන්දියාවට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු  පිරිස අද (16) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සදහා  පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා එලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේ තිරුපති වන්දනාව සදහා බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

Exit mobile version