Home දේශීය පුවත් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කරයි

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කරයි

0
ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කරයි

ජාතික අක්ෂි රෝහල සංවර්ධන කටයුතු 2020 වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේදී එය කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩුකරන බව ද පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version