සිදුවු ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හෙළා දකී

ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා හෝටල් පරිශ්‍ර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාව දැඩිව හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පවසයි.

ආරක්ෂක කවුන්සිලයට අයත් සාමාජිකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

අදාල ප්‍රහාර මාලාවට වගකිව යුත්තන්, එම ප්‍රහාරය සංවිධානය කළ පුද්ගලයින් මෙන්ම එම සංවිධානවලට මූල්‍යාධාර හා අනුග්‍රාහකත්වය දරන්නන්ද ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පෙන්වාදෙන්නේ.

Exit mobile version