රට පුරා විශේෂ මෙහෙයුම් මැදිරි ස්ථාපිතයි

පොලිස්පතිවරයාගේ උපදෙස් මත සෑම පළාතකටම අදාළව විශේෂ මෙහෙයුම් මැදිරිය බැඟින් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

ඉතා හදිසි අවස්ථාවකදී තම ප්‍රදේශයට අදාළව මහජනතාවට මෙම විශේෂ මෙහෙයුම් මැදිරි හරහා තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.

රටේ ආරක්ෂක තත්ත්වයට අදාළව තොරතුරු මහජනතාවට එම විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීමේ හැකියාව පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කර සිටියි.

මෙම මැදිරි වලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ඒ ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල ස්ථාපිත කර ඇත.

Exit mobile version