රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – රියදුරු පලා යයි

ගාල්ල, යක්කලමුල්ල – අකුරැස්ස මාර්ගයේ මහදූවවත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් මාර්ගය අසල ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරින් බරපතල තුවාල ලැබූ අදාල පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මාගෙදර, මහදූවවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි අයෙක්.

අනතුරට සම්බන්ධ යතුරුපැදියේ රියදුරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Exit mobile version