ඩ්‍රෝනා යානයක් ගුවන් ගත කළ ඉන්දියානුවෙක් අත්අඩංගුවට

ඩ්‍රෝනා යානයක් ගුවන් ගත කළ ඉන්දියානු ජාතිකයෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට රටේ පවතින ආරක්ෂක හේතුන්  මත ඩ්‍රෝන යානා ඇතුළු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

සීනිගම සිට හික්කඩුව දක්වා මෝටර් රථයක ගමන් ගත් ඉන්දියානු ජාතිකයා ඩ්‍රෝනා කැමරාවක් ගුවන් ගත කරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් මීටියාගොඩ පොලිසියට දැනුවත් කිරිමෙන් පසුව මෙම අත්තඩංගුවට ගැනීම සිදු කර ඇත.

පසු ගිය 16 වැනි දින ඔහු බිරිද සමඟ මෙරටට පැමිණ ඇති අතර හික්කඩුව සංචාරක හෝටලයට යන අතර තුර මෙම ඩ්‍රෝනා කැමරාව ගුවන් ගත කරමින් සිටියදී ලද තොරතුරක් මත මීටියාගොඩ පොලිසියට විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් ඉන්දියානු ජාතිකයා අත්තඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් පවතියි.

Exit mobile version