Home දේශීය පුවත් කතෝලික ආගමික ප‍්‍රධානීන්ගේ ආරක්ෂාව දැඩි කරයි – හිටපු ජනාධිපතිනි ආරක්ෂාව ඉල්ලයි

කතෝලික ආගමික ප‍්‍රධානීන්ගේ ආරක්ෂාව දැඩි කරයි – හිටපු ජනාධිපතිනි ආරක්ෂාව ඉල්ලයි

0
කතෝලික ආගමික ප‍්‍රධානීන්ගේ ආරක්ෂාව දැඩි කරයි – හිටපු ජනාධිපතිනි ආරක්ෂාව ඉල්ලයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය විසින්.

ඔවුන් ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාශයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අනුයුක්ත කරනවා. රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට ආරක්ෂාව සඳහා ලබාදෙන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 07 දෙනෙක්.

කැබිනට් අමාත්‍යවරයෙකුට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10 දෙනෙකු හිමි වනවා. ඇතැම් මැති ඇමතිවරුන්ට පවතින ආරක්ෂක තර්ජන සලකා ඔවුන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය ද යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර කාදිනල් හිමියන් ඇතුළු සියලූ කතෝලික ආගමික ප‍්‍රධානීන්ගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version