හරිතවාදී අඳහස් සමූහයක් අයවැයේ තිබෙනවා

හරිතවාදී අඳහස් සමූහයක් අයවැය මඟින් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියෝ පවසති. ඒ අද (16) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ කර්මාන්ත පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. මෙය නව ලිබරල් විවෘත ආර්ථිකයක්. විකල්ප කෘෂිකාර්මික ආර්ථිකය ගැන කියලා නෑ. හරිතවාදී අඳහස් සමූහයක් අයවැයේ තිබෙනවා. විදුලි වාහන පිළිබඳ ගුණාත්මක පියවරක් කියලා කියන්න පුළුවන්. රටෙන් පිටවන ඩොලර් බිලියන 03ක මුදල නවත්වන්න පුනර්ජනනීය බලශක්තිය කරා යොමු විය යුතුයි. අපේ අපනයන ආර්ථිකය වර්ධනය කරන්නේ කෙසේ ද කියලා බලන්න ඕන යැයි ද රතන හිමියෝ පැවසූ හ.

Exit mobile version