ප්‍රහාර සම්බන්ධ විද්‍යාගාර පරීක්ෂණ වාර්තා කඩ්නමින්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විද්‍යාගාර පරීක්ෂණ කටයුතු මේ දින වල සිදු කෙරමින් පවතින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසා සිටියි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ පරීක්ෂණ වලින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වන තාක්ෂණික වාර්තාවක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

පිපිරීම සඳහා යොදා ගත් රසායනික ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙම පරීක්ෂණ කටයුතු වලින් තහවුරු කරගත හැකියාව ඇත.

ඊට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාර වලින් ජිවිතක්ෂයට පත් වු විදෙස් ජාතිකයින්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම ද මේ දිනවල සිදු කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසා සිටියි.

අදාළ වාර්තා නිකුත් කිරිම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් ලබා දී  කටයුතු කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version