Home දේශීය පුවත් වීසා නැතිව මෙරට සිටි විදේශිකයන් 2ක් මාට්ටු

වීසා නැතිව මෙරට සිටි විදේශිකයන් 2ක් මාට්ටු

0
වීසා නැතිව මෙරට සිටි විදේශිකයන් 2ක් මාට්ටු

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අවිස්සාවේල්ල පොලිස් වසමේ උක්වත්ත ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් 31 හා 26 යන වයස්වල පසුවන නයිජීරියානු ජාතිකයන් වෙයි.

සැකකරුවන් අද(03) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳව අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version