Home දේශීය පුවත් තුර්කියත් ලංකාවට සහයෝගය දෙයි

තුර්කියත් ලංකාවට සහයෝගය දෙයි

0
තුර්කියත් ලංකාවට සහයෝගය දෙයි

තුර්කි විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සෙදාත් ඕනාල් මහතා අද (10) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එම හමුවේ දී, ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේදීත්,  ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගැනීමේදීත් තුර්කිය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන මෙන් තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගාන් සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉල්ලා සිටි බව ඕනාල් මහතා අවධාරණය කළේය.

දෙරට අතර ආර්ථික, බුද්ධි අංශ සහ හමුදාමය සහයෝගීතාව තර කර ගැනීමට එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කැමැත්ත පළ කළේය.

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක, වෙළඳ, ආයෝජන හා සංචාරක යන ක්ෂේත්‍රවල ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝක පර්යාය තුළ රටක නීති පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version