ජනතාව තුල අසත්‍ය තොරතුරු පැතිරෙන බව මහින්ද කියයි

සත්‍ය තොරතුරු මාධ්‍ය මගින් පල කිරීමට ඉඩ ලබා නොදීම හරහා ජනතාව තුළ අසත්‍ය තොරතුරු පැතිරයාමේ වැඩි ඉඩකඩක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සත්‍ය තොරතුරු මාධ්‍ය හරහා නොපෙන්වා සිටිමේදී සත්‍ය තත්ත්වයට වඩා එහා ගිය කරුණු ජනතාව අතර කටකතා ලෙස පැතිරිය හැකි බවත් එනිසා ඇත්ත තත්ත්වය රටට හෙළි කිරීම වඩාත් සුදුසු බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

එසේම එළඹෙන වෙසක් දිනය ඉතා ඉහළින් සැමරිය යුතු බවත් ඒ සඳහා ආරක්ෂාව සැලසීම රජයේ යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version