දෙකන් වැහෙන්න ඇඳුම් අදින්න

බුර්කාව හා නිඛාභය ඇතුළු සම්පූර්ණ මුහුණ වැසෙන ලෙස අඳින දෑ තහනම් කිරීම සඳහා මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයට සංශෝධනයක් එක්කිරීමට මහජන ආරක්ෂක ආඥාපනතේ පස්වැනි වගන්තිය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ.

ඒ අනුව ‘සම්පූර්ණ මුහණ’ යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට දෙකන් ඇතුළත් නෙවන පරිදි අර්ථ නිරූපයක් කර තිබේ.

එය මේ ආකාරයෙනි ‘සම්පූර්ණ මුහුණ” යන යෙදුමේ අර්ථ නිරූපනය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපනය ආදේශ කිරීමෙන්, “සම්පූර්ණ මුහුණ” යන්නෙන් නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වා ද දෙකන් අතරද (එහෙත් දෙකන් නො ඇතුළත්ව) යම් තැනැත්තෙකුගේ මුහුණ අදහස් වේ.’

ඒ අනුව දෙකන් වැසෙන සේ ඇඳුමක්, ඇඟලුමක් හෝ වෙනත් දෑ ඇඳීමට මේ හරහා අවස්ථාව තිබේ.

Exit mobile version