ලංකාවේ නොසන්සුන්කාරී තත්ත්වයන් ගැන යුරෝපයේ අවධානය

ඉකුත් දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඇතුළු යුරෝපයේ රටවල්වල අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම ඉම සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කරන බවත් ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙස සඳහන් කරන බවත්  ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ සඳහා පැහැදිලි නායකත්වයක් හා වෛරය හා ප්‍රචණ්ඩත්වය සමූහ වශයෙන් ප්‍රතික්ෂේප කිරිමක් අවශ්‍ය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Exit mobile version